මඩු මසුන් සොයා නැගෙනහිර වෙරළට

wave
See caption below
wp-contentuploads20201102

Blue Resources Trust (BRT) යනු ශ්රී ලංකාව පදනම් කරගත් සමුද්ර පර්යේෂණ හා සංරක්ෂණ සංවිධානයකි. මීළඟ පරම්පරාවේ පර්යේෂකයින් දිරිගැන්වීමේ අරමුණින් BRT සංවිධානය මඟින් සාගර ක්ෂේත්රය පිළිබඳ උපාධි අපේක්ෂකයින් සහ උපාධි නිබන්ධනය පිළිබඳ පර්යේෂණ සිදුකරන ශ්රී ලාංකික සිසුන්ට ශිෂ්යත්වන් පිරිනමයි. “New England Aquarium” නම් සංවිධානයේ “Anderson Cabot Center for Ocean Life” මධ්යස්තානයට අයත් “The Marine Conservation and Action Fund (MCAF)” අරමුදල 2012 සිට BRT සංවිධානයේ elasmobranch ව්යාපෘතියට සහාය වී ඇත. මේ වසරේදී ද එම අරමුදල අපගේ ක්ෂේත්ර මධ්යස්තානය විවෘතව තබා ගැනීමටත්, BRT ශිෂ්යත්වය දිගටම පවත්වාගෙන යාමටත් සුපුරුදු පරිදි සහාය වේ. පහත දැක්වෙන blog ලිපිය එක් ශිෂ්යත්ව ලාභියෙකු වන අප්සරා විසින් ලියන ලද්දකි:

Click here for the English version of this article.

තිලිණි අප්සරා විසිනි

මගේ පරීක්ෂණ චාරිකාව ඇරඹුණේ මෙම වර්ෂයේ ජුනි මස මැද භාගයේදීය. රටේ පවතින අයහපත් COVID-19 වසංගත තත්ත්වය නිසා සෞඛ්යය ආරක්ෂිත ක්රමවේද පිළිපදිමින් අප උදෑසනම ගමන ආරම්භ කළෙමු. මගේ යෙහෙළියද මා සමගින් සිටියි. නැගෙනහිර පළාතේ අගනගරය වූ මඩකළපුව බලා මනරම් වෙල්යායවල් අතරින් වැටී ඇති මඟක අප ගමන් කළෙමු. කල්ලඩි පාලම පසු කරන විට මාගේ මතකයට නැගුනේ සිංදු කියන මසුන් ගැනය. පාළම අසළ කළපුවේ පුර පසළොස්වක දිනයන් වල සඳ එළියේ මසුන් ගී ගයනවා යැයි පුරාවෘත්තයක් මා අසා ඇත. ඉන් ඔබ්බට යන විට දිස් වූයේ කළපු ආශ්රිත පරිසර පද්ධතියකි. ගූගල් සිතියම ඔස්සේ අප තවදුරටත් ඉදිරියට ගමන් කළෙමු. හෝරාවක පමණ කාලයකින් පසු පාසිකුඩා වෙරළ තීරය අසල ඇති Blue Resources Trust (BRT) ක්ෂේත්ර මධ්යස්ථානය වෙත ලගා වුණෙමු. එහිදී එම කාර්ය මණ්ඩලය විසින් අපව උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර එම සංවිධානය පිළිබවඳ සහ එහි වර්තමාන කටයුතු පිළිබඳව පැහැදිලි කිරීමක් ද ලැබුනි.

ශ්රී ලංකා වයඹ විශ්ව විද්යාලයේ උපාධි අපේක්ෂිකාවක ලෙස මට BRT සංවිධානය සමඟ වැඩ කිරීමට අවස්ථාවක් ලැබුණි. දැනට මම එම ආයතනයේ පාසිකුඩාහි පවතින ක්ෂේ්ත්ර මධ්යස්ථානයේ නැවතී සිටින අතර මගේ අවසන් වසර පර්යේෂණ ව්යාඍතියේ වැඩ කරමින් සිටිමි. මගේ පර්යේෂණ ව්යාඍතිය Neotrygon නම් ගණයට අයත් මඩු මත්ස්ය විශේෂයක් ගැනය. මම ඔවුන්ගේ ආහාර රටාව පිළඳව අධ්යයනය කිරීමට ආමාශයික හා ආන්ත්රික අන්තර්ගතය විශ්ලේෂණය කරමින් සිටිමි. මාගේ යෙහෙළිය ඔවුන්ගේ වර්ධනය පිළිබඳව අධ්යයනය කරයි. මම කාටිලේඡ මත්ස්ය විශේෂයක් පිළබඳ අධ්යයනය කරන පළමු අවස්ථාව මෙයයි. ඒය මට ඉතාමත් තෘප්තියක් ගෙන දෙයි.

ආධුනිකයෙක් වශයෙන් මම එම ආයතනයට යන විට ඔවුන්ගෙන් ලැබුනු මිත්රශීලී පිළිගැනීම සහ සුහදත්වය නිසා එම පරිසරය මට ඉතා සමීප ලෙස දැනුනි. නවාතැන් සැපයීම, ආහාර පාන ලබා දීම ඇතුලු සියලු සනීපාරක්ෂක පහසුකම් BRT සංවිධානය මට සපයන අතර ගමනා ගමන පහසුකම් සලසා දීම ද ඉතාමත් පිටුවහලකි. ධීවර වරායන්ගෙන් මත්ස්යයන්ගේ නිදර්ශක එකතු කර ගැනීමට සහයෝගය ලබා දෙන අතර මගේ පර්යේෂණ කටයුතු වලට අදාළ සියලු මාර්ගෝපදේශයන් ද ලබා දෙයි. එලෙසම මගේ පර්යේෂණ ව්යාඍතිය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් මට විශාල අධීක්ෂණයක් ලබා දෙයි.

Typical morning at Valachchenai fishery harbor.
වාලච්චේන ධීවර වරායේ උදෑසනක්.
Exploring the beauty of east coast during my free time.
නැගෙනහිර වෙරළ තීරයේ සුන්දරත්වය විදිමින්.

මම රාජ්ය නොවන සංවිධානයක් සමඟ එක්ව වැඩ කරන ප්රථම අවස්ථාව මෙය වේ. එය මගේ ජීවිතයේ මා ලද වටිනා අත්දැකීමකි. එහිදී දේශීය හා විදේශීය පර්යේෂකයන් ඇතුළු විවිධ පුද්ගලයින් සමඟ වැඩ කිරීමේ අවස්ථාව මා වෙත ලැබී ඇත. විශ්ව විද්යාල ඡීවිතයෙන් පරිභාහිරව නවමු අත්දැකීමට මුහුණ දීමට අවස්ථාව ලැබීම මට ඉමහත් සතුටකි. එසේම මාගේ පර්යේෂණ ව්යාඍතියව ඉතා සැහැල්ලුවෙන් කරගෙන යාමට අවශ්ය පරිසරය සැකසී ඇත.

කාටිලේඡ මත්ස්යයන් ඇල්ලීම පිළිබඳ ක්ෂේත්ර සමීක්ෂණවලට සහභාගී වීමට ද මට අවස්ථාව ලැබුණි. එය ක්ෂේත්රයෙදී වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳ අත්දැකීමක් වූ අතර ඉන් මා බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මේ දිනවල මම මඩුවන්ගේ ආමාශයික සහ ආන්ත්රික අන්තර්ගතයේ සිටින ගොදුරු හඳුනා ගැනීම සිදු කරන අතර එය ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ හා ආහාර රටාව පිළිබඳ අදහසක් ලබා ගැනීමට උපකාර වේ. වාසස්ථාන පිළිබඳ තොරතුරු දැන ගැනීම සංරක්ෂණයේ වැදගත් අංගයකි. මෝරුන් සහ මඩුවන් ගැනත් ඔවුන් අධ්යයනය කිරීමේ වැදගත්කම ගැනත් බොහෝ දේ මම ඉගෙන ගත්තෙමි. BRT සංවිධානය සමඟ වැඩ කිරීමට මට තවත් මාස තුනක කාලයක් ඉතිරි වී ඇත. එබැවින් මා හට ඔවුන් පිළිබඳ තවදුරටත් දැනුම එකතු කර ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

රටේ පවතින COVID-19 වසංගත තත්ත්වයත් සමඟ, මගේ පර්යේෂණ ව්යාපෘතියේ වැඩ කිරීම සහ විශ්ව විද්යාලයේ දේශනවලට සහභාගී වීම තරමක් වෙහෙසකර දෙයක් වුවත් Blue Resources Trust කණ්ඩායම සමඟ වැඩ කිරීම ඉතා සිත්ගන්නා සුළුවේ. ඒ නිසා මා ලද මෙම අවස්ථාවෙන් මගේ පර්යේෂණ ව්යාපෘතිය සාර්ථකව නිම කර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

Photo of liver tissue sample from Neotrygon ray.
Neotrygon මඩු මත්ස්‍යාගේ අක්මා පටක සාම්පලයක ඡායාරූපයකි.
Taking morphometric measurements of specimen.
එක් නිදර්ශකයක රූපමිතික මිනුම් ලබා ගැනීම.
wave